සිංගප්පුරු සරත්ගේ පුතා අත්අඩංගුවට ගැනීමට නියෝග.

Monday, 08 April 2013 - 15:25

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයේ සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් සිංගප්පුරු සරත්ගේ පුත්‍රයා වන ඉමේෂ් ඉෂාන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් අද (08) නිකුත් කෙරුණා. ඝාතනය සදහා යොදා ගත් ගිනි අවිය සැපයීම පිළිබද චෝදනා ලබා සිටින ඔහු රටින් පිටවීමට හෝ ඇතුළුවීමට උත්සාහ දැරුවහොත් අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ. ඒ, මහර වැඩබලන මහේස්ත්‍රාත් බර්නි අල්විස්  හමුවේ අද (08) මෙම නඩුව කැදවූ අවස්ථාවේදියි. කරුණු සලකා බැලූ අධිකරණය රහස් පොලීසියේ කටුනායක ගුවන් තොටුපළ ඒකකයට ද මේ පිළිබදව දැනුම් දී තිබෙනවා.

පසුගිය මාර්තු 28 වැනිදා ද සිංගප්පූරු සරත්ගේ පුත්‍රයා වන ඉමේෂ් ඉෂාන් දිවයිනට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර නියෝගයක් නිකුත් කළා. අද (08) වැඩබලන මහේස්ත්‍රාත් බර්නි අල්විස් හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීස් නිලධාරීන් කියා සිටියේ ඉමේෂ් ඉෂාන්ව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි. එමෙන්ම ඔහු මෙතෙක් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සිටිනවාද යන්න පිළිබඳවත් නිවැරදි තොරතුරක් වාර්තාවී නොමැති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More