කුණුකන්ද ගැන සාකච්ඡා අසාර්ථකයි - සත්‍යග්‍රහය තවදුරටත්.

Monday, 08 April 2013 - 18:45

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

කොළොන්නාව - මීතොටමුල්ල - පොතුවිල්කුඹුර  ප්‍රදේශයේ කුණු කන්දට යන  මාර්ගයේ උපවාසයේ නිරතව සිටින ප්‍රදේශවාසීන් සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් අතර අද (08) පැවති සාකච්ඡාව අසාර්ථක වුණා. මෙම සාකච්ඡාව පැවැත්වුනේ කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්. මෙම වසරේ දෙසැම්බර්  31 න් පසු එම ස්ථානයට කුණු බැහැර කිරීම නවත්වන බවට නාගරික කොමසාරිස්වරිය එහිදී වාචිකව පොරොන්දුවක් ලබාදුන්න ද සාකච්ඡාවට පැමිණි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ එය ලිඛිතව ලබාදෙන ලෙසයි.

නමුත් කොමසාරිස්වරිය දුරකථන මාර්ගයෙන් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන් උපදෙස් පැතීමෙන් අනතුරුව පොරොන්දුව ලිඛිතව ලබාදීම ප්‍රතික්ෂේප කළා. ඒ සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි මීතොටමුල්ල ප්‍රදේශවාසියෙකු වන නුවන් බෝපගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s56805_1[/MP3]

මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන් අප විමසීමක් කළා.

[MP3]s56805_2[/MP3]          

කොළොන්නාව - මීතොටමුල්ල - පොතුවිල්කුඹුර  ප්‍රදේශයට කුණු බැහැර කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ආරම්භ කළේ පසුගිය 6 වැනිදායි. ඔවුන් එම ස්ථානයේ මාර්ගය හරස් කරමින් අට්ටාලයක් ඉදිකර එහි සිට උපවාසයේ නිරතවනවා. වැල්ලම්පිටිය පොලීිසිය විසින් අවස්ථා කිහිපයකදී මොවුන්ට මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඔවුන් එය නොතකා එම ස්ථානයේ රැඳී සිටීමත් සමග පොලීසිය විසින් මොවුන් ඉවත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (07) නියෝගයක්ද ලබාගත්තා. එම නියෝගය භාරදීමට පොලීසිය ඊයේ පස්වරුවේ එම ස්ථානයට ගියද, කිසිවෙකුත් අධිකරණ නියෝගය භාරගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More