ඉන්දියාව සේතු සමුද්‍රම් අතහැර දමන ලකුණු.

Monday, 08 April 2013 - 18:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු තීරයේ කැණීමට නියමිත සේතු සමුද්‍රම් නෞකා ඇළ මාර්ගය අතහැර දැමිය යුත්තක් බවට සඳහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත වාර්තාවක් ලබාදී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අගමැති මන් මෝහන් සිං එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආර්.කේ. පචෝරි ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. විද්‍යාඥ ආර්. කේ. පචෝරි ගේ වාර්තාවට අනුව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හේතුවෙන් ඉන්දියන් සාගරයේ ජෛව විවිධත්වයට බලපෑම් එල්ලවන බවයි සඳහන් වන්නේ. එමෙන්ම එය අනාගතයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ භූමි පිහිටීමටද බලපෑම් එල්ල කළ හැකි බවයි ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. ඉන්දීය මාධ්‍ය අනාවැකි පළ කරන්නේ මෙම වාර්තාවත් සමගම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අතහැර දමනු ඇති බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික භූමි සබඳතාව සළකුණු කරන ආදම්ගේ පාලම නොහොත් කොරල් පර වැටියද සේතු සමුද්‍රම් ව්‍යාපෘතියෙන් විනාශ විය හැකියි. එමෙන්ම මෙහි සාමුද්‍රික ජෛව ප්‍රජා පරිසරය මුළුමනින්ම වෙනස් වන බවට පරිසර සංවිධාන කරුණු දක්වනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අදහස් දක්වන පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන.
 
[MP3]s56807[/MP3]



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More