ඉන්දීය සර්වපාක්ෂික නියෝජිත පිරිස දිවයිනට.

Tuesday, 09 April 2013 - 7:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ඉන්දීය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායම ඊයේ (08) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ 9 දෙනෙකුගෙන් සමන්විත මෙම ඉන්දීය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.25ට පමණ දිවයිනට පැමිණි බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඔවුන් පිළිගෙන තිබෙනවා.
 
මෙම සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායම ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔවුන් යාපනයේ ද සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය සංවිධාන කර ඇත්තේ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයයි. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිස මෙරට පාර්ලිමේන්තුවේ දී කථානායක චමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවකට එක්වනු ඇති. සිය යාපන චාරිකාවේදී ඉන්දියාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන නිවාස වැඩපිළිවෙල ද අධීක්ෂණයට ලක් කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.



මාලිගාවත්තේ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 21:00

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වෙඩි... Read More

වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More