ඉන්දු - ලංකා සබඳතා තිරසාරයි. - ඇමති ජී.එල්.

Tuesday, 09 April 2013 - 7:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අන්තර් සබඳතා නොවෙනස්ව ශක්තිමත්ව පවතින බව ශ්‍රී ලංකාව අවධාරණය කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිදහස ලැබූදා පටන් දෙරට අතර පවතින සබඳතා දැන් පුළුල්ව විහිදී තවදුරටත් ස්ථාවර වී ඇති බවයි. එය සියලූ අංශයන්හිදී දක්නට ලැබෙන සම්බන්ධයක්. දෙරටම ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව එක්ව කටයුතු කරන අතර දෙරටේ සෛවරීත්වය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරනවා. මෙරට සියලූම ජන කොටස්වලට ගෞරවනීයත්වයෙන් යුත් සාමයත් ඉන්දියාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාව වටහාගෙන සිටින කරුණක්.

වසර 30කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ජනවර්ගයක් සහ භාෂාව මුල් කර ගත් වෙනම රාජ්‍යයක් සඳහා රුදුරු සටනක් දියත් කළ එල්.ටී.ටී.ඊ. ය වෙතින් පීඩාවට ලක්වුණා. යුද්ධය නිමාවෙන් පසු මෙරට සියලූ ජන කොටස් සාමයේ ප්‍රතිලාභ අත්විදිනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ජීවත් වන ජන කොටස්වලට සමානත්වයක් ලබාදීම සඳහා රජය ගෙන ඇති පියවර අතිමහත්. ඒ සඳහා පත් කෙරුණු උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනු ලබනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව විදේශයන්හි සිටින ඇතැම් දෙමළ කණ්ඩායම් සිදුකරන ප්‍රචාරක ව්‍යාපාරයන්ගෙන් මෙරට දෙමළ ජන කොටස්වලට මෙන්ම සංහිදියාව ඇති කිරීමේ පියවරවලට කිසිදු රුකුලක් ලැබෙන්නේ නැහැ. තමිල්නාඩුවේ ශිෂ්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස නොසලකන්නැයි ඉල්ලීමක් කර ඇත්තේ යතාර්ථය පිළිබද වටහා ගැනීමකින් තොරවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද නූතන ආර්ථික අන්තර් සබඳතාවලට ආකෘතියක් සපයන රටක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතින් වැඩි වශයෙන් පීඩාවට ලක්වූයේ මෙරට දෙමළ ජනතාවයි. යුද්ධය නිමාවෙන් පසු සියලූ ශ්‍රී ලාංකිකයන්ට ගෞරවනීයත්වයක් සැලසීම සදහා ශ්‍රී ලංකාවට කාලය සහ අවකාශය හිමි විය යුතුයි. ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගන කණ්ඩායම් මෙරටට පැමිණ සැබෑ තත්ත්වය පරීක්ෂා කිරීම අවශ්‍යතාවක්. ඒ සඳහා එවැනි සියලූ කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සදහන් කළේ.