ජිනීවාවලින් ඔබ්බට යෑමට ඇමරිකාව සූදානම්.

Tuesday, 09 April 2013 - 18:49

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

සංහිදියාව සහ වගවීමේ ක්‍රියාවලිය නිසි අයුරින් ඉටු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීම ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑමක් නොවන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී මිචෙල් ජේ සිසෝන් ප්‍රකාශ කළේ එය මෙරට අනාගතය සුභවාදී කිරීමට කරන ඉල්ලීමක් බවයි. ඇය මේ බව සඳහන් කළේ විදෙස් මාධ්‍යවේදීන් සමග ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

 

ශ්‍රි ලංකාව සංහිඳියාව ඇතිකිරීම සඳහා ගතයුතු අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් මෙතෙක් ගෙන නැහැ. දෙමළ ජාතික සන්ධානය සමග බලය විමධ්‍යගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම ඉන් එකක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව නිරන්තර  අවධානයෙන් පසුවනවා. ඉතිහාසය දෙස බැලීමේදී සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය නිසිලෙස අනුගමනය නොකළ සෑම රටක්ම යළි යුද්ධයකට අවතීර්ණ වී ඇති බව ඇමරිකානු තානාපතිනියගේ අදහසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය පමණක් නොව ඉන් ඔබ්බට ගිය පියවර පිළිබඳවද ඇමරිකාව අවධානය යොමුකර තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ බොහෝ පියවර සම්පූර්ණ කළහොත් එය ශ්‍රී ලංකාවට ඉතා සුභදායක බවද ඇමරිකානු තානාපතිනී මිචෙල් ජේ සිසොන් මෙහිදී අවධාරණය කළා.

 
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංගණය කිරීම පිළිබඳව චෝදනා පවතිනවා. ඒවාට නිසි විසඳුම් ලබාදෙන තුරු ලක් රජය කැමති වුවද, අකමැති වුවද අදාල චෝදනා එලෙසම පවතින බවයි ඇමරිකානු තානාපතිනිය තවදුරටත් සඳහන් කළේ.



ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More

විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Wednesday, 27 May 2020 - 16:23

හඬ පට සිද්ධියට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින විනිසුරු ගිහාන්... Read More

ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය ගැන දකුණු ඉන්දීය මහ ඇමති ශෝකය පළකරයි
Wednesday, 27 May 2020 - 16:26

දකුණු ඉන්දියාවේ මහ ඇමති කේ පලනිසාමි විසින් අමාත්‍ය ආරුමුගම්... Read More