කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සියල්ල සූදානම්.

Wednesday, 10 April 2013 - 7:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද උණුසුම වර්ධනය වීමත් සමගම එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හදිසි අවස්ථාවකදී නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විධිමත් පූර්ව සැලැස්මක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ සඳහා රජය පියවර ගත යුතු බවයි එහි නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කියා සිටියේ.

 

[MP3]s56872_1[/MP3]

 

දකුණු කොරියාව තුළ යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සුරක්ෂිතව මෙරටට ගෙන ඒම සඳහා සියල්ල සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මීට අදාල උපදෙස්ද ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. අවදානමක් ඇතිවුවහොත් නැවත ලංකාවට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ සහයෝගය ලබාගැනීමට ද අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

 

මේ අතර, දකුණු කොරියාවේ සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ වහාම ලියාපදිංචි වන්නැයි දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000ත් 25,000 අතර සංඛ්‍යාවක් මේ වනවිට දකුණු කොරියාවේ සේවය කරනවා. වැඩිම පිරිසක් සේවය කරන්නේ දකුණු කොරියා දේශසීමා ආසන්නයේ පිහිටා ඇති අන්සාන්, උල්සාන්, ඉන්චොං, ෆූසෝන් සහ උජම්බු  යන ප්‍රදේශවලයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොඞ්නි පෙරේරා.

rn

 

rn

[MP3]s56872_2[/MP3]



දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More