බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වධක සංචිතයක්.

Thursday, 11 April 2013 - 18:49

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B0%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

බන්ධනාගාරයට එක් වධකයෙකු වෙනුවට වධක සංචිතයක් පිහිටුවීමට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර අතරින් පෝරකය ස්ථාපිත කර ඇත්තේ වැලිකඩ සහ බෝගම්බර පමණයි. ඒවායේ ද වධක තනතුර සඳහා අයෙකු නොමැතිවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණදුන් ගැටලූවක් බවට පත්වුණා. කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණයකින් පසු පුද්ගලයන් දෙදෙනෙකු වධක තනතුරට බඳවා ගත්තේ මීට මාස කිහිපයකට ඉහතදීයි. එහෙත් එම දෙදෙනා පුහුණු කාලසීමාවේ රාජකාරිවලින් බැහැරවී සිටීම නිසා සේවයෙන් පහකළා. ඔවුන් යළිත් අභියාචනයක් ඉදිරිපත් කළ ද ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මෙම තත්ත්වය මත එල්ලා මැරීමේ කටයුත්ත සඳහා 15 දෙනෙකුගෙන් යුත් වධක සංචිතයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට බන්ධනාගාර නියාමකවරුන් සහ බුද්ධි අංශ නිළධාරින් ද එක්කෙරෙනු ඇති. මේ පිළිබඳ පැහැදිලි කළ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර.
 
[MP3]s56984[/MP3]         



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More