මුරකරුවෙකුගේ වෙඩි පහරින් මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතලයි.

Friday, 12 April 2013 - 8:01

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


හොරණ - මොරගහහේන ප්‍රදේශයේ රජයේ ගොවිපලක මුරකරුවෙකු විසින් තැබූ වෙඩි පහරකින් මොරගහහේන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා තිබෙනවා. මොරගහහේන පොලීසිය සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේදී ප්‍රදේශයේ රජයේ ගොවිපලක කළමනාකරුවෙකු සහ එහි මුරකරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවයි. එම අවස්ථාවේදී මුරකරු අහසට වෙඩි තැබූ බව කළමනාකරු විසින් මොරගහහේන පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට එම ස්ථානයට ගිය මොරගහහේන පොලිස් ස්ථානාධිපති අයි.පී. හෙට්ටිආරච්චි ඇතුලූ කණ්ඩායමට මෙම මුරකරු විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි වැදී ඇති අතර හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම අවස්ථාවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මුරකරුද ජීවිතක්ෂයට පත්වූ බවයි මොරගහහේන පොලීසිය ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම මුරකරු ළඟ තිබී රාජකාරී නොවන ගිනි අවියක්ද සොයාගත් බව ප්‍රකාශ කළා.



සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට
Thursday, 28 May 2020 - 7:31

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More

ඩෙංගු මරණ විස්සක්
Thursday, 28 May 2020 - 7:23

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට... Read More