අපි ආවේ තමිල්නාඩුව වෙනුවෙන් නොවේ. ඉන්දීය නියෝජිතයින්.

Friday, 12 April 2013 - 8:11

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම සහ විපක්ෂ නායක සහ රනිල් වික්‍රමසිංහ අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.  එහිදී ඉන්දියාවේ නියෝජිත පිරිසක විපක්ෂ නායකවරයාට සඳහන් කර ඇත්තේ යාපනයේදී කළ සංචාරයේදී එම ප්‍රදේශවල සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව තමන් සියැසින් දැකබලාගත් බවයි. නමුත් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ ගැටළු තවමත් නිසියාකාරව විසඳී නොමැති බවද එම නියෝජිතයන් විපක්ෂ නායකවරයාට සඳහන් කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

 මීට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂවල ස්ථාවරය පිළිබඳව කරුණු විමසා බැලීමත් තම සංචාරයේ එක් අරමුණක් බවද ඔවුන් විපක්ෂ නායකවරයාට දැනුම්දී තිබෙනවා.

එහිදී විපක්ෂ නායකවරයා තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද පැමිණ සිටි ඉන්දීය නියෝජිත පිරිසගෙන් විමසා තිබෙනවා. එම අවස්ථාවේදී ඉන්දීය නියෝජිත පිරිස විපක්ෂ නායකවරයාට සඳහන් කර ඇත්තේ තමන් ඉන්දියාව නියෝජනය කරමින් මෙරට සංචාරය කිරීම සඳහා පැමිණි බවයි. තමන් තමිල්නාඩුව කිසිසේත් මෙම සංචාරයට අදාළ නොකරගන්නා බවද එහිදී එම නියෝජිත පිරිස විපක්ෂ නායකවරයාට දැනුම්දී තිබෙනවා. දෙරට අතර හොඳ මිත්‍රත්වයක් පවත්වාගැනීම වැදගත් බවද එහිදී අවධාරණය කර ඇති බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලාංකීය කලාකරුවන් නිදහස් චතුරස‍්‍රයේදී අධිෂ්ඨාන පූජාවක ඊයේ නිරත වූයේ එන්න... සත්‍ය දකින්න, යන තේමාව යටතේයි. තමිල්නාඩුවේදී වන්දනාවේ ගිය මෙරට භික්ෂුන් වහන්සේලාට පහරදීමේ සිට අයි.පී.එල් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පැනවූ තහනම දක්වා ශ්‍රී ලංකා විරෝධයක් දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මක වනවා. දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා ශිල්පීන් ද එක් වූ විරෝධතාවයක් පසුගිය 2 වැනිදා ටී-නගර් හිදී පැවැත්වුණා. මීට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානය ඊයේ අධිෂ්ඨාන පූජාවක් සංවිධානය කළේ. මීට මෙරට කලාකරුවන්, ක්‍රීඩකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ප්‍රවීණ රංගන ශිල්පීන් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ගීතා කුමාරසිංහ සහ රවීන්ද්‍ර රන්දෙනිය එහිදී මෙලෙස අදහස් පළ කළා.

rn

[MP3]s57002[/MP3]



පාසල් බස් රථවලට පැවරෙන අලුත්ම රාජකාරිය (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

පාසල් බස් රථවලට පැවරෙන අලුත්ම රාජකාරිය (වීඩියෝ)පාසල් සිසුන්... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More