ඇමරිකාවට හෙළ උරුමයේ විරෝධය.

Friday, 12 April 2013 - 12:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මැදිහත්වීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නොමැති බව ජාතික හෙළ උරුමය අවධාරණය කරනවා. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට මේ බව කියා සිටියේ ඇමරිකාව කර ඇති ඉල්ලීම පිළිබඳ ප්‍රතිචාර දක්වමින්.

යෝජිත විදුලි ගාස්තු සහ තෙල් සංස්ථාව, මණ්ඩලයට ඉන්ධන ලබානොදීම පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විදුලිබල මණ්ඩලයට දන්වා තිබුණා. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩල සභාපති ඩබ්ලිව්.බී. ගනේගල සහ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසූරිය සමග සාකච්ඡා කිරීමට දිනයක් ලබාදෙන ලෙසයි. ඇමරිකාවට ඒ සඳහා අයිතියක් නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක් වන නිසා අවශ්‍ය උපදෙස් පතා විදුලිබල මණ්ඩලය, අදාළ ඉල්ලීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පතා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් මෙවැනි අදහසක් පළ කළා.
 
[MP3]s57033[/MP3]     



අද (26) සිට 100 % ක් රට සාමාන්‍යකරණයට ලක් වන්නේ නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
Tuesday, 26 May 2020 - 9:48

අද (26) සිට 100 % ක් රට සාමාන්‍යකරණයට ලක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ... Read More

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
Tuesday, 26 May 2020 - 9:36

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම... Read More

ඇඳිරි නීති කාලසීමාවේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 65,930 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 9:33

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ... Read More