නීතිවිරෝධී සංක්‍රමණිකයන් සෙවීමට ඕස්ට්‍රේලියාවෙන් ඩ්‍රෝන් යානා.

Friday, 12 April 2013 - 13:17

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F.


ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මුහුදු මාර්ගයෙන් පැමිණීම වැළැක්වීමේ පියවරක් ලෙස නියමුවන් රහිත ඩ්‍රෝන් යානා යෙදවීමට  ඕස්ට්‍රේලියාව යෝජනා කර තිබෙනවා. නීතිවිරෝධී සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා සන්ධාන රජය සකසා ඇති වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙසයි ඩ්‍රෝන් යානා යෙදවෙන්නේ.

ඊට අමතරව  ඕස්ට්‍රේලියානු නාවික හමුදා යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ මුර සංචාර සඳහා යෙදවීමටද යෝජනා කර ඇති බව සිඞ්නි මෝනිං හෙරල්ඞ් පුවත්පත සඳහන් කළා. පසුගිය අඟහරුවාදාද ශ්‍රී ලාංකික නීතිවිරෝධී සක්‍රමණිකයන් 66 දෙනෙකු රැගත් යාත්‍රාවක් ක්‍රිස්මස් දුපත ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඕස්ට්‍රේලියානු විපක්ෂය පෙන්වා දෙන්නේ එවැනි නීතිවිරෝධී යාත්‍රා ගමන් ආරම්භ කිරීම නැවත හරවා යැවීමට පියවර ගත යුතු බවයි. දැනට මුහුදු මාර්ගයෙන් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් සියයට 90 ක් පරීක්ෂාවන් සඳහා යැවෙන්නේ ක්‍රිස්මස් ඳුපතටයි.


 ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණෙන මුහුදු යාත්‍රා නිරික්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන් යානා 7 ක් යෙදවීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් කෝටි 150 කට ආසන්නයි. 2009 වසරේ මෙරට යුද්ධය අවසන්වීමෙන් පසු පුද්ගලයන් 8000 ක් පමණ  ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළා.



ප්‍රාදේශීය දේශපාලන කාන්තාවක් මැදිහත් වී, නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:05

රජයේ නීතිරීතිවලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින්... Read More

කණ කොකා හැඬූ දියබෙදුම පාසල (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:43

වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව - දියබෙදුම - ඉරහඳ... Read More

කුඩා සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:34

සහල් මිල රුපියල් 90සිට 98 දක්වා ඉහළ දමන්නේ නම් දින 4ක් ඇතුලත රටට... Read More