විදුලිය පිළිබඳ ඇමරිකානු ඉල්ලීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්.

Friday, 12 April 2013 - 18:50

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.

ඇමරිකානු තානාපති කාර්යාලය ලංකා විදුලිබල මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් එහි සභාපතිවරයා තම අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති උපදෙස් කඩිනමින් ඔහු වෙත ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. යෝජිත විදුලි ගාස්තු සහ තෙල් සංස්ථාව මණ්ඩලයට ඉන්ධන ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවශ්‍ය බවයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාව ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.

 

විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල සහ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසූරිය සමග සාකච්ජා කිරීමට දිනයක් ලබාදෙන ලෙසයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගලගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කර සිටියේ මෙම ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට තමන් එය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ බවයි. එම උපදෙස් අනුව අදාළ සාකච්ජාවට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව පසුව තීරණය කරන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත්, තමන් මීට පෙර ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් සමග සාකච්ජාවලට එක්ව ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

ඇමරිකානු තානාපති කාර්යාලය කර ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂද පළ කරන්නේ විවධ අදහස්. මේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වු එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන.

 

[MP3]s57059_1[/MP3]                                                                 

 

කෙසේ වෙතත්, ඇමරිකානු තානාපති කාර්යාලය කර ඇති මෙම දැනුම්දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දක්වන්නේ වෙනස් අදහසක්. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

 

[MP3]s57059_2[/MP3]                        

 

රජය නියෝජනය කරන ජාතික හෙළ උරුමයද ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්.

 

[MP3]s57059_3[/MP3]



සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More

පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක්
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More