ගම්බිම් බලා යාමට විශාල සෙනඟක් කොළඹ නගරයේ.

Friday, 12 April 2013 - 18:57

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A.

අලූත් අවුරුද්දට සිය ගම්බිම් බලා යාම සඳහා මේ වනවිට කොළඹ - කොටුව සහ පිටකොටුව ප්‍රදේශයන්ට අති විශාල ජනකායක් රැස්ව සිටිනවා. අද (12) උදෑසන සිට කොටුව දුම්රියපොලේ මෙන්ම පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේද දැඩි තදබදයක් දක්නට ලැබුණා. එමෙන්ම, බැස්ටියන් මාවතේ සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පලේද අති විශාල ජනතාවක් රැස්ව සිටියේ සිය ගම්බිම් බලා යාම සඳහායි.

 

සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ සිට දුර පළාත් සඳහා ශ්‍රී ලංගම යොදවා ඇති අමතර බස් රථ සංඛ්‍යාව 530 ක්. ඒවා පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ කළමනාකරු පැවසුවේ. මීට අතිරේකව අවශ්‍යතාව මත තවත් බස් රථ යෙදවීමටත් සූදානම් බව ඔහු සඳහන් කළා.

 

අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වූයේ පසුගිය 07 වැනිදා සිටයි. අද දිනයේ කොළඹ සිට මාතර දක්වා අතිරේක දුම්රිය වාර දෙකක්ද, බදුල්ල සහ මහනුවර බලා තවත් දුම්රිය වාරයක්ද ක්‍රියාත්මක වූ බව පාලක මැදිරිය ප්‍රකාශ කළා. ජනතා අවශ්‍යතාව මත තවත් අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.

 

ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයවීම මත අතිරේක පෞද්ගලික බස් රථ 750 කට අධික සංඛ්‍යාවක් කොළඹ සිට දුර පළාත් දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එම කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධනද අද දවසේ බැස්ටියන් මාවත බස් නැවතුමේ සිටිනු දක්නට ලැබුණා. ඒ, අලූත් අවුරුදු විශේෂ බස් සේවා සාර්ථකව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීමටයි. එහි සිට හිරු ප්‍රවෘත්ති අංශයට විශේෂ බස් සේවා පිළිබඳ ප්‍රකාශයක් කළ ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා.

 

[MP3]s57060_1[/MP3]

 

අතිරේක බස් රථ සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමට හිරු ප්‍රවෘත්ති අංශයද පිටකොටුව හා කොටුව ප්‍රදේශයන්හි සංචාරයක නිරත වුණා. එහිදී සිය ගම්බිම් බලා යාමට රැස්ව සිටි අති විශාල ජනකාය අතරින් අදහස් දැක්වු කිහිප දෙනෙක්.

 

[MP3]s57060_2[/MP3]



ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More