ඉන්දීය වෙරළාරක්ෂක නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මෙහෙයුමක.

Saturday, 13 April 2013 - 12:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A.


මෙරට ධීවරයන් සමග ගැටුමකට මැදි වූ ඉන්දීය ධිවර යාත්‍රා 05 ක් සහ ධීවරයන් 46 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් මුදාගෙන නැවත රැගෙන ගිය බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා. පේදුරුතුඩුවට නාවික සැතපුම් 50 ක් පමණ නුදුරින් අප්‍රේල් 11 වැනිදා රාත්‍රියේ මෙම ගැටුම හට ගත් බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ රාජ් කමල් නමැති මුර සංචාරක යාත්‍රාව අධිවේගයෙන් එහි පැමිණ ඇත්තේ ඩොරිනර් ගුවන් යානයක් ද සමඟයි. තවත් ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රාවක් වන රාණි අබ්බක්කා ද එම ප්‍රදේශයට යෙදවූ බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේ. එහිදී ධීවරයන් 28 දෙනෙකු සහිත ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලින් මුදා ගත් ඉන්දීය වෙරළාරක්ෂකයන් තවත් බෝට්ටු 4 ක් මුදා ගත් බවත් එහි සඳහන්. එම ධීවර යාත්‍රා සියල්ල පසුව දකුණු ඉන්දියාවේ කාරෙයිකාල් වරායට ඊයේ පෙරවරුවේ භාරදී ඇති බවත්, ඉන්දීය පුවත්පත වැඩිදුරටත් පැවසුවා. ඉන්දීය ධීවරයන්ට ජාත්‍යන්තර මුහුදේදී ආරක්ෂාව සැලසීමේ පියවරක් ලෙස ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම සිද්ධිය හඳුන්වා තිබෙනවා. එහෙත්, මෙය ඉන්දීය ධිවරයන් මහා පරිමාණයෙන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීමේ තවත් එක් සිද්ධියක් ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් නොපැවති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

මේ අතර, මෙරට මුහුදේදී අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් මුදා හරිනු ලැබූ ධීවරයන් 19 දෙනෙකු ඔවුන්ගේ ටෝලර් යාත්‍රා 4 කින් නැවතත් ඊයේ පස්වරුවේ රාමේෂ්වරම් ජැටියට පැමිණි බව හින්දු පුවත්පත වාර්තා කළා. ඔවුන් මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය මාර්තු 13 වැනිදායි. අධිකරණය මගින් නිදහස් කිරීමෙන් පසු නාවික හමුදාව විසින් ඊයේ උදෑසන ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂකයන් වෙත භාර දී තිබෙනවා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More