උදයන් ප්‍රහාරයේ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන එනවා - කෙහෙළිය.

Saturday, 13 April 2013 - 18:53

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.

යාපනයේ පිහිටි උදයන් පුවත්පතේ ප්‍රධාන කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහනුවරදී අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදයට සහය පළ කරන ඇතැම් පිරිස් මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි.

යාපනය - කස්තුර්යාර් වීථියේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ අද අළුයම් කාලයේදීයි. ප්‍රහාරයෙන් අනතුරුව පැමිණි පිරිස පුවත්පත් කාර්යාලයේ තිබූ මුද්‍රණ යන්ත්‍රයට ද ගිනි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා. අද එල්ල වූ ප්‍රහාරය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දැක්වු උදයන් පුවත්පතේ හිමිකරු වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්.

[MP3]s57114_1[/MP3]

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ උදයන් පුවත්පතේ ප්‍රධාන කාර්යාලයට අද (13) එල්ල වූ මෙම ප්‍රහාරය හෙලා දකින බවයි. ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ එම නිවේදනයේ සඳහන්. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක යුතුකමක් බවද එහි දැක්වෙනවා.

මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ නැමැති සංවිධානයද අද (13) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් උදයන් පුවත්පතට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කළා. ඊට එක්වෙමින් අදහස් දැක්වු එහි විධායක කමිටු සාමාජික නීතිඥ උදුල් ප්‍රේමරත්න.

[MP3]s57114_2[/MP3]

කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ උදයන් පුවත්පතේ ප්‍රධාන කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය එහි අභ්‍යන්තර කටයුත්තක් විය හැකි බවයි.

[MP3]s57114_3[/MP3]

උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට ද පසුගිය 03 වැනිදා දිනයේදීද ප්‍රහාරයක් එල්ල වූ අතර, එම ප්‍රහාරයෙන් එහි සිටි සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වෙතත්, අද එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මහනුවර පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

[MP3]s57114_4[/MP3]



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More