රැකගත් උරුමයන් අනාගත පරපුරට දායාද කළ යුතුයි - ජනපති.

Sunday, 14 April 2013 - 7:58

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

අලූත් අවුරුදු සම්ප්‍රදායන් නිසා ගොඩනැගෙන පවුල් බැඳීම් ශ්‍රී ලාංකීය සමාජය තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. උදාවූ සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අවුරුදු චාරිත්‍ර ඉටුකර අප රැකගත් උරුමයන් අනාගත පරපුරට දායාද කළ යුතු බවයි. වර්තමානයේ වෙනදාටත් වඩා ජනතාව අලූත් අවුරුදු සම්ප්‍රදායන් ඉටු කරනු දැකීම සතුටට කරුණක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ප්‍රාර්ථනා එක් කරන්නේ සැමට සෞභාග්‍යමත් සුබ අලූත් අවුරුද්දක් වේවා යන්නයි.

උදාවු අලූත් අවුරුද්ද හුදු සැණකෙලියක් බවට පත් නොකොට අර්ථවත් මහා සංස්කෘතික මංගල්‍යයක් බවට පත්කර ගත යුතු බව අලූත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න පවසනවා.   

දේශයේ අනාගතය බැබලවිය හැක්කේ සාමය සමගිය ඔස්සේ මිස බෙදා වෙන්කිරීම් ඔස්සේ නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් පෙන්වා දෙනවා. එය අවබෝධ කර ගනිමින් මෙම අලූත් අවුරුද්දේ සාමය හා සමගිය සතුට පතුරුවන්නට සැවොම අදිටන් කරගත යුතු බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, උදා වූ සිංහල හින්දු අලූත් අවුරුද්ද නව ඇරඹුමක් සඳහා උචිත අවස්ථාවක් බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ අවුරුදු පණිවුඩයේ සඳහන්. දුෂ්ඨ රාශියකින් නැවත දුෂ්ඨ රාශියකටම තට්ටු මාරු ක්‍රමයට මාරු වූ ශ්‍රී ලාංකීය සමාජය නව රාශියක් වෙත යොමුවීමේ මොහොත ළඟාවෙමින් පවතින බවයි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සඳහන් කළේ.

මේ අතර, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කළා.
 
[MP3]s57128[/MP3]