කරුණානිධිගෙන් තවත් උත්සාහයක්.

Sunday, 14 April 2013 - 12:52

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුව වූ පුද්ගලයන්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කරන්නැයි මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගන්නා ලෙස ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය වහා රැස්කළ යුතු බවයි කරුණානිධි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. එහිදී සම්මත කරගනු ලබන යෝජනාව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත ලබාදිය යුතු බව කරුණානිධිගේ අදහසයි. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන්, ටී. සුදේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් සහ ඒ.ජී. පේරරිවාලන් නොහොත් අරිවු යන තුන් දෙනාට ඉදිරියේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 1991 වසරේ තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් හි පැවති මැතිවරණ රැළියකදී රජීව් ගාන්ධි ඝාතනය කෙරුණු අතර, ඒ පිළිබඳ වැරදිකරුවන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මරණ දඬුවම නියම වුණා. ඔවුන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලා ඉදිරිපත් කෙරුණු අභියාචනා 2011 වසරේ මුල් භාගයේදී එවකට ජනාධිපතිනිය වූ ප්‍රතිභා පටේල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

රජීව් ඝාතකයන්ට පැනවුණු මරණ දඬුවම ඉවත් කර ගැනීම සඳහා කරුණානිධි දැන් කරන ඉල්ලීම සාර්ථක වේද යන්න සැක සහිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 1993 වසරේ දිල්ලි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ දේවේන්ද්‍ර පාල් සිංට නියම කෙරුණු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස වෙනස් කරන්නැයි කළ අභියාචනය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළා. ඒ අනුව රජීව් ඝාතකයන්ටද ඔවුන්ට නියම වූ මරණ දඬුවම වෙනස් කර ගැනීම දුෂ්කර වනු ඇති. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ඊට සමාන ඉදිරි තීන්දු සඳහා පූර්වාදර්ශයක් කර ගැනීම ඊට හේතුවයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More