ෆොන්සේකාගේ ආර්ථික දැනුම මදි - විකිලීක්ස්.

Sunday, 14 April 2013 - 12:57

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A.


2010 ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාගේ ආර්ථික දැනුම දුර්වල මට්ටමක පැවති බව ඇමරිකාවේ අදහස යැයි විකිලීක්ස් වෙබ් අඩවිය හෙළිදරව් කරනවා. එවකට මෙරට නියෝජ්‍ය ඇමරිකානු තානාපතිනිය වූ රෙබෙකා කෝහෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ කේබල් පණිවුඩයක් උපුටා දක්වමින් විකිලීකිස් මෙම හෙළිදරව්ව සිදුකර තිබෙනවා. දූෂණය තුරන් කරන බවට වේදිකාවේ හඬ නැගුවද සරත් ෆොන්සේකාට පැහැදිලි ආර්ථික වැඩසටහනක් නොතිබුණු බවයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඉදිරිපත් කෙරුණු ආර්ථිකමය කරුණු පිළිබඳව විශ්ලේෂකයෙකු වන හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළ අදහස්ද නියෝජ්‍ය තානාපතිනිය යැවූ කේබල් පණිවුඩයේ දැක්වෙනවා. සරත් ෆොන්සේකා පසුගිය 2010 ජනාධිපතිවරණයේදී දොලොස් ලක්ෂයක් පමණ වන මෙරට රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කිරිමට ප්‍රතිඥා ලබා දුන්නා. එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් දෙදහසක මාසික දීමනාවක් ලබාදීමද ඔහුගේ එක් පොරොන්දුවක්. කෙසේ නමුත් මෙරට ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ජා කිරීමට සරත් ෆොන්සේකා මැලි වූ බවයි විකිලීක්ස් හෙළිදරව් කළේ. ඇමරිකානු නියෝජ්‍ය තානාපතිනිය, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා සමග පැවති දිවා භෝජන සාකච්ජාවකදී ඉදිරිපත් වූ අදහසක් වන්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ආර්ථිකය පිළිබඳ කරුණු ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් විපක්ෂ සන්ධානයේ අනෙකුත් පක්ෂ විෂම අදහස් දරන බැවින් එවැනි පොදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ හැකිද යන්න පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තුළ සැකයක් පැවති බවත් විකිලීක්ස් හෙළිදරව් කළා.



විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More