අවුරුද්දේ වැඩ වරද්දාගත් 233 ක් ජාතික රෝහලට.

Sunday, 14 April 2013 - 13:00

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+233+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7.

සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරුණු පසුගිය පැය 24 තුළ හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පුද්ගලයන් 233 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ගිනිකෙළි අනතුරු වන අතර, මත්පැන් භාවිතය හේතුවෙන් ඇතිවු ගැටුම් නිසා තුවාල ලැබූවන් පිරිසක් ද රෝහල් ගත කෙරුණා. මෙවර අවුරුදු දිනයේ හදිසි අනතුරු හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සංඛ්‍යාව 4%කින් ඉහළ ගොස් ඇති බවයි එහි හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ.

[MP3]s57145[/MP3]

තිස්සමහාරාම - ගඟසිරිපුර ප්‍රදේශයේදී අහස් කූරක් තම නිවසට වැටීම හේතුවෙන්  පුද්ගලයන් තුන් දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඊයේ රාත්‍රියේ පුණ්‍ය කාලය පවතින අවස්ථාවේදී දල්වන ලද අහස් කූරක් අසල්වැසි නිවසකට වැටීමට කෝප වූ එම නිවෙස් හිමියා මෙලෙස ගිනි අවියකින් අහස් කූර දල්වන ලද නිවසේ පුද්ගලයන්ට වෙඩි තබා තිබෙනවා. එහිදී වෙඩි වැදී ඇත්තේ එම නිවසේ ගෘහ මූලිකයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාටයි. සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයන් තිස්සමහාරාම - දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මේ අතර, ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේ පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (14) අළුයම සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. සිය ව්‍යාපාරික ගැටළුවක් හේතුවෙන් මොහු සියදිවි හානිකරගෙන ඇති බවයි රෝහල් පොලිසිය පවසන්නේ.

පනාමුරේ - ජයවික්‍රමගම ඊයේ (13) රාත්‍රියේ පැවති සාදයකදී දෙපිරිසක් අතර සිදුවු බහින්බස්වීමක් දුරදිගයාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More