වෙනිසියුලානු ජනාධිපතිවරණය ඇරඹේ.

Monday, 15 April 2013 - 7:32

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

වෙනිසියුලානු ජනාධිපතිවරණය අද ආරම්භ වුණා. මේ වනවිට වෙනිසියුලානු ජනතාව නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා සිය ඡුන්දය ප්‍රකාශ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙවර මැතිවරණයේදී ප්‍රධාන ප්‍රතිවාදීන් වන්නේ නිකොලොස් මදුරෙයි සහ එරට විපක්ෂය නියෝජනය කරන එන්රිකේ කප්රිලේස් යන දෙදෙනායි. චාවේස්ගෙන් මරණයෙන් පසු වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිවරයා ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙනු ලැබුවා. ඉන් අනතුරුව එරට ව්‍යවස්ථාව අනුව දින 30 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතු වනවා.  ඒ අනුවයි අද ජනාධිපතිවරණය ආරම්භ වී ඇත්තේ.  

මදූරෝ වෙනිසියුලානු පාලක පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර විපක්ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින්නේ එන්රිකේ කප්රිලේස්. වසර 14 ක් වෙනිසියුලාව පාලනය කළ හියුගෝ චාවේස් පසුගිය වසරේ ඔක්තොම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් කප්රිලේස් පරාජයට පත් කළා. එහිදී චාවේස්ට සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර කප්රිලේස්ට හිමිවූවේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක්. චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වන මදූරෝ වෙනිසියුලාව තුළ වාමාංශික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ප්‍රතිඥා දී සිටින අතර, කප්රිලේස් සිය රට වෙත ආයෝජන ආකර්ශනය කෙරෙන නිදහස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සූදානම්.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More