අපට දෙන ආධාර 20% කින් කපා හැරීමට ඇ. රාජ්‍ය ලේකම්වරයාගෙන් යෝජනාවක්.

Monday, 15 April 2013 - 13:10

%E0%B6%85%E0%B6%B4%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+20%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87.+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සියයට 20 කින් කපාහැරීමට යෝජනා කර ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් මෙම යෝජනාව එරට කොංග්‍රස් මණ්ඩලය වෙත පසුගිය සතියේ භාරදී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ. මෙය ඇමරිකාව විසින් දකුණු ආසියාතික රටවලට ලබාදෙන  ආධාර මෑතකදී විශාල අගයකින් කපා හැරි ප්‍රථම අවස්ථාව ලෙසයි වාර්තාවන්නේ. ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් ගැටළු මුල්කරගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද පීටීඅයි ප්‍රවෘත්ති සේවාව කියා සිටියා.
 
2012 වසරේ ඇමරිකාව විසින් ශ්‍රිී ලංකාවට ලබාදුන් ආධාර මේ වසරේදී ඩොලර් මිලියන 11 කින් අඩුකර තිබෙනවා. එම අගය ශ්‍රී ලංකාවට ලබාදෙන සමස්ත ආධාර ප්‍රමාණයෙන් සියයට 20 ක අගයක් බවයි පී ටී අයි ප්‍රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේ.



පාකිස්තානය සහ බංගලාදේශය සෞඛ්‍යාරක්ෂිත ලෙස රාමසාන් සමරයි
Monday, 25 May 2020 - 18:23

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පුද්ගල දුරස්ථභාවය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 25 May 2020 - 18:17

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අද සිට කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබු තහනම ඉවතට
Monday, 25 May 2020 - 18:14

කුඩා ධීවරයන්ට නැවත මුහුදු යාමට අවසර ලබාදීමට තීරණය කර ඇති... Read More