බක්මහ උළෙලක මැරතන් තරඟයක් අතරතුර ධාවකයෙකු මිය යයි.

Monday, 15 April 2013 - 13:12

%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%84+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

රඹුක්කන - බතඹුරේ ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරඟයකට එක්ව සිටියදී පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹුක්කන - හුරිමළුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක් වයසැති පුද්ගලයෙක්. මොහු අද උදෑසන ප්‍රදේශයේ පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගි වී ඇති අතර එහි පළමු තරඟය වැඩිහිටි මැරතන් තරඟයට එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මැරතන් තරඟයට එක්වී සුළුවේලාවකින් මොහු බිම ඇඳවැටී ඇති බවයි. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ වනවිට ඔහුගේ මෘත ශරීරය රඹුක්කන රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  
 
ක්‍රීඩා තරඟ අතරතුර පාසල් දරුවන් මියයෑමේ සිද්ධීන්ද පසුගිය දිනවල වාර්තාවුණා. දැන් ආරම්භවී තිබෙන්නේද දිවයින පුරා අවුරුදු උත්සව පැවැත්වෙන කාල සීමාවයි. එබැවින් මැරතන් වැනි තරඟ සඳහා සහභාගි වන පුද්ගලයන් ඊට පෙර තම යෝග්‍යතාවය සහ ශරීර සුවතාවය පිළිබඳව සැළකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More