ඇමරිකානු ආධාර කප්පාදුවට ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වීම ද හේතුවක්.

Monday, 15 April 2013 - 18:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර කපා හැරීමට එක් හේතුවක් වන්නේ ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස සැලකීම බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයෙකු ප්‍රකාශ කර තිබෙනවා. ලබන වසරේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 11ක ආධාර ලබාදීමටයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යෝජනා කර ඇත්තේ. එය පසුගිය වසර හා සසදන විට සියයට 20ක අඩුවීමක්. ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ලබාදෙන ආධාර ප්‍රමාණය ද ලබන වසරේ දී කපා හැරීමට ඇමරිකාව තීරණය කළා. එහෙත් දකුණු ආසියාතික රටවල් අතුරින් වැඩිම කප්පාදුවක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවටයි. එමෙන්ම මාලදිවයින වෙත ලබාදෙන ආධාර ප්‍රමාණය ඉහළ නැංවීමට ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇති බව සඳහන්.
 
ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත රටක්වීම හේතුවෙන් සිය සම්පත්වලින් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි බව ඇමරිකාව විශ්වාස කරන්නේ යැයි රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු උපුටා දක්වමින් පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සදහන් කළා. මෙරට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතාවන්ට ලක්වූ බව ද ඔහු ඒ සඳහා ඉදිරිපත් කර ඇති තවත් හේතුවක්. ඇමරිකාව විසින් 2014 වසර සඳහා ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කර ඇති ආධාර ව්‍යාපෘති බොහොමයක් අධිකරණ සේවාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදෙන ඒවායි. කැපී පෙනෙන ත්‍රස්තවාදී තර්ජනයක් නොමැති මාලදිවයිනට ඇමරිකාව ත්‍රස්ත මර්ධන කටයුතු සඳහා වැඩි ආධාර ප්‍රමාණයක් ලබාදීම ද විශේෂ සිද්ධියක්. ඇමරිකාව සහ ඉන්දියාව මාලදිවයින පිළිබද සමීප අන්දමින් කටයුතු කරන බවයි නම හෙළිදරව් නොකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ මෙම විදේශ ආධාර යෝජනා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා යවා තිබෙනවා.



ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More

සමුද්‍රීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා නව වැඩපිළිවෙළක් නාවික හමුදාවෙන් (වීඩියෝ)
Monday, 01 June 2020 - 14:09

සමුද්‍ර පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මයික්‍රො... Read More