දුම්රිය ප්‍රමාදයි. - බස් සේවා වැඩි කරයි.

Monday, 15 April 2013 - 18:43

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

අද (15) දිනය තුළ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අවුරුදු නිවාඩුව සඳහා ගම් බිම් බලා ගිය දුම්රිය සේවකයන් නැවත සේවයට වාර්තා කිරීමේ අඩුවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. ප්‍රධාන මාර්ගය, කැළණිවැලි මාර්ගය, උතුරු මාර්ගය, මුහුදුබඩ සහ  මඩකලපුව දුම්රිය මාර්ගවල අද (15) දිනය තුළ දුම්රිය ප්‍රමාදයන් සිදුවූ බවයි පාලක මැදිරිය සඳහන් කළේ. කෙසේ වුවත්, දුම්රිය රියදුරන් වහාම සේවයට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කරුණු පැහැදිලි කළ දුම්රිය ප්‍රධාන පාලක ගුණපාල විතානගේ.

[MP3]s57217_1[/MP3]

දුම්රිය ධාවන කටයුතුවල සිදුව ඇති ප්‍රමාද දෝෂයන් හේතුවෙන් ගම් බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් තවදුරටත් අමතර බස් රථ යෙදවීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන පැවසුවේ දුම්රිය ප්‍රමාදයත් සමග අද (15) දිනය තුළ දුර පළාත්වල බස් නැවතුම්පොළවල පෞද්ගලික බස් රථ සඳහා වැඩි වශයෙන් මගී ජනතාව පැමිණ සිටි බවයි.

[MP3]s57217_2[/MP3]



මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More