ක්‍රිකට් නිළවරණය අදයි.

Tuesday, 16 April 2013 - 7:50

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 55 වන නිලවරණය අද (16) පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි. කෙසේ වෙතත්, ඒ සඳහා ඍජු මැදිහත්වීමක් සිදුනොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා නාම යෝජනා භාර ගැනීම පසුගිය පෙබරවාරි 28 වන දා අවසන් වුණා. මෙවර නිළවරණයට ඉදිරිපත් වුණු ප්‍රධාන පාර්ශවයන් දෙකක් වුණේ හිටපු සභාපති උපාලි ධර්මදාසගේ පාර්ශවය සහ තිලංග සුමතිපාලගේ පාර්ශවයයි. තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම අභියෝගයට ලක් කරමින් දිවයිනේ ප්‍රමුඛපෙළේ ක්‍රීඩා සමාජ 3ක්විරෝධතා ගොනු කිරීමත් සමග මෙවර ක්‍රිකට් නිළවරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයාට සිදුවුණේ අදාළ චෝදනා විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටයි.

එම කමිටුවේ නිර්දේශ අනුව තිලංග සුමතිපාලගේ නාම යෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ හිටපු සභාපති උපාලි ධර්මදාසට ද මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි. සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරාට ද ඊට අවස්ථාව නොලැබුණේ මූලික සුදුසුකම් නොමැතිවීම හේතුවෙන්. එම නිසා ක්‍රිකට් විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා ජයන්ත ධර්මදාසගේ නම යෝජනා කළ අතර හෙට පැවැත්වෙන නිලවරණයේ දී ඔහු නිතරගයෙන් සභාපති ධුරයට පත්වනු ඇති. එහිදී ලේකම්වරයා ලෙස නිශාන්ත රණතුංග නිතරගයෙන් පත්වන්නේ ඊට නාම යෝජනා භාර දුන් නිශාන්ත ද සිල්වාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.

ඒ අනුව භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික, උපලේකම් සහ උප සභාපති තනතුර සඳහා හෙට නිළවරණයේ දී ඡන්ද දායකයන් 147 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති. එය රහස් ඡන්දයක් ලෙසයි පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ රහස් ඡන්දයක් පැවැත්වෙන පළමු වතාව ද මෙයයි.

ක්‍රීඩා අමාත්‍යාංශය ද අද පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නිරීක්ෂණ කිරීමට සූදානම්. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩිගෙන් විමසීමක් කළා.

[MP3]s57226_1[/MP3]

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සදහන් වුණේ ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි නිළවරණයේ රහස්‍යභාවය තහවුරු වන සේ එය පැවැත්වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව උපදෙස් සහ සහාය පමණක් ලබාදුන් බවයි. ඒ පිළිබදව අප මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් විමසීමක් කළා.
 
[MP3]s57226_2[/MP3]



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More