දුම්රිය සේවා අද සිට යථා තත්ත්වයට.

Tuesday, 16 April 2013 - 8:00

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.

දුම්රිය ධාවනයේදී සිදුවූ ප්‍රමාදයන් මඟ හරවා අද (16) දිනයේ සුපුරුදු පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දුම්රිය ප්‍රධාන පාලක ගුණපාල විතානගේ පැවසුවේ විශේෂ දුම්රිය සේවා ද දුර පළාත්වල සිට නියමිත පරිදි ක්‍රියාත්මක වන බවයි. අවුරුදු නිවාඩුව සඳහා ගම් බිම් බලා ගිය දුම්රිය සේවකයන් නැවත සේවයට වාර්තා කිරීමේ අඩුවක් හේතුවෙන් ඊයේ දිනයේ දී දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවුණා. ප්‍රධාන මාර්ගය, කැළණිවැලි මාර්ගය, උතුරු මාර්ගය, මුහුදුබඩ සහ  මඩකලපුව දුම්රිය මාර්ගවල දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ දිනය තුළ අවලංගු කිරීමට ද තීරණය කළා. කෙසේ වුවද අද (16) දිනයේ ඒ සියල්ල යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය ප්‍රධාන පාලක ගුණපාල විතානගේ තවදුරටත් සදහන් කළේ.

[MP3]s57228[/MP3]
 
මේ අතර, අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් අන්තර් පළාත් බස් රථ ධාවනය ද සුපුරුදු සැලැස්මට අනුව අද (16) දිනයේත් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළා.