අභියෝගයට සූදානම්. සන්ධානයෙන් ප්‍රකාශයක්.

Tuesday, 16 April 2013 - 18:36

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රටට එරෙහි අභියෝගවලට මුහුණදීමට රජය සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළා. රටට එරෙහිව විවිධ බලවේග නැවතත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර සිටියා.

සන්ධාන මහ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ තවදුරටත් සඳහන් වුණේ රටේ බලය ලබාගැනීමට විදේශ බලවේග සමග එක්ව කටයුතු කිරීමට විපක්ෂයද සූදානම් වී සිටින බවයි. ඇතැම් විපක්ෂ දේශපාලන නායකයන් ඊට අදාළව විහිළු සහගත ප්‍රකාශ සිදුකරමින් සිටින බවද එහි සඳහන්. තමන් බලයට පැමිණි පසු මත්තල ගුවන් තොටුපල කෞතුකාගාරයක් බවට පත්කරන බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයද සන්ධාන මහ ලේකම්වරයා තම නිවේදනයේ උපුටා දක්වා තිබුණා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ එම ප්‍රකාශයයි මේ.

[MP3]s57266_1[/MP3]

කුමන චෝදනා සිදුකළත් සියලූ ජන වර්ගවල අයිතිවාසිකම් පිළිගනිමින් රට ඉදිරියටම ගමන් කරවන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරන්නේ.  ඕනෑම අභියෝගයකට මුහුණදීමට රජය ශක්තිමත් බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශයට අදාළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

[MP3]s57266_2[/MP3]

මේ අතර ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර අඩු කිරීමට ඇමරිකාව ගත් තීරණයෙන් රටට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළා.  
 
[MP3]s57266_3[/MP3]



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More