කච්චතිව්, ඉන්දියාවට ඉල්ලා ටෙසෝ සංවිධානය අධිකරණයට.

Tuesday, 16 April 2013 - 18:39

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

කච්චතිව් දූපතේ අයිතිය යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ටෙසෝ සංවිධානය සූදානම් වනවා. අයි.ඒ.එන්.එස්. ප්‍රවෘත්ති සේවය අද වාර්තා කළේ ලබන සඳුදා එම පෙත්සම ගොනු කිරීමට ඔවුන් සූදානම් බවයි.

1974 වසරේ කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවුණේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව එවැන්නක් සිදුකළ නොහැකි බව ටෙසෝ සංවිධානයේ අදහස වී තිබෙනවා. මීට පෙර කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය, ටෙසෝ සංවිධානයට සහය ලබාදුන්නත් මෙම ඉල්ලීම සිදුකිරීම සඳහා ටෙසෝ සංවිධානය සමග එක්වීමට ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයද සූදානම් බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

කෙසේ වෙතත් ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත යළි මෙලෙස යම් බලපෑමක් මගින් ඉන්දියාවට ලබාගැනීමට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අධි නීතීඥ ගෝමින් දයාශ්‍රී ගෙන් විමසීමක් කළා.

[MP3]s57267_1[/MP3]

මේ අතර ධීවර ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ධීවරයන් සමග ඵලදායී සාකච්ඡාවක් අවශ්‍ය බව ඉන්දීය ධීවරයන් ප්‍රකාශ කර තිබෙනවා. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද වාර්තා කළේ මීට පෙර අවස්ථා 3 කදී ඒ පිළිබඳව සාකච්ඡා කළත් ඉන් පළක් නොවූ බව ඉන්දීය ධීවරයන් ප්‍රකාශ කරන බවයි. එම සාකච්ඡාවලදී පැමිණි එකඟතා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය මැදිහත්වී නැහැ. ඒ හේතුවෙන් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලූ තවමත් එලෙසින්ම පවතින බව ඉන්දීය ධීවරයන්ගේ අදහසයි. ශ්‍රී ලංකා ධීවරයන් පවසන්නේ ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී අයුරින් ධීවර ආම්පන්න යොදාගෙන මත්ස්‍ය සම්පත නෙළාගන්නා බවයි. ඉන්දීය රජය තමන්ට නිසි ක්‍රමවේද ලබා දුනහොත් ඒවා වැළැක්විය හැකි බව ඉන්දීය ධීවරයන්ගේ අදහස වී තිබෙනවා. මෙම ගැටළුව විසඳා ගැනීමට නම් ඉන්දීය රජයේ පූර්ණ මැදිහත්වීමක් අවශ්‍ය වන බවයි එම ධීවරයන් ප්‍රකාශ කර ඇත්තේ. මෙම සියලූ තොරතුරු ඇතුළත් විශේෂාංගයයි මේ.

[MP3]s57267_2[/MP3]
 



පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More