ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්. නවදිල්ලියත් සෙළවේ.

Tuesday, 16 April 2013 - 18:52

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B7%9A.


ගිනිකොණ දිග ඉරානයේ - පාකිස්ථාන දේශ සීමාවට ආසන්න ප්‍රදේශයේ අද පස්වරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.3 ක අගයකින්.  භූ කම්පනය පාකිස්ථානයට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙන්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරටද ප්‍රබලව දැනුණු බව විදෙස් වාර්තා සඳහන් කළා. උතුරු ඉන්දියාවේ ජායිපූර්, අහමදාබාද් සහ චන්දිගාර් ප්‍රදේශවලටද කම්පනය දැනී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ඉරානයේ පුද්ගලයන් 40 දෙනෙකු පමණ මෙමඟින් මියගොස් ඇති බවට වාර්තා වන අතර පාකිස්ථානයේද පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මියගිය පිරිස සියයකට අධික විය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.



ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More