බොස්ටන් ප්‍රහාරය පිළිබඳ ජනපති කණගාටුව පළ කරයි.

Wednesday, 17 April 2013 - 8:41

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඇමරිකාවේ බොස්ටන් නුවර ඊයේ (16) සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා. ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීම සඳහා සියලූ රාජ්‍යයන් අත්වැල් බැද ගත යුතු බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූ පවුල් වෙත සිය කණගාටුව පළ කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. සිය අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අප්‍රේල් මාසයේ දිනක මේ ආකාරයෙන් මැරතන් ධාවන තරගයක් ආරම්භ කිරීම සඳහා එක්වූ අවස්ථාවේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වූ ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

මේ අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉදිකල ප්‍රථම ආදර්ශ පුහුණු සහ විගමනික සම්පත් මධ්‍යස්ථානය, තංගල්ල - ගොඩිගමුවේදී ඊයේ (16) විවෘත කෙරුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට ශ්‍රමිකයන් සඳහා විදෙස් රටවල වැඩි ඉල්ලූමක් පවතින බවයි.

 [MP3]s57278[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More