විදුලිබිල පිළිබද උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද විදුලිබල මණ්ඩලයට.

Wednesday, 17 April 2013 - 8:43

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.

යෝජිත නව විදුලි ගාස්තු ක්‍රමවේදය පිළිබද නිර්දේශ අද (17) දිනයේ විදුලිබල මණ්ඩලය වෙත යොමු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය තුලනය කිරීම සඳහා විදුලිබිලෙහි සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

[MP3]s57279[/MP3]

නව විදුලි ගාස්තු සංශෝධන ක්‍රමවේදය සම්බන්ධයෙන් වන නිර්දේශ විදුලිබල මණ්ඩලය වෙත ලබාදීමෙන් අනතුරුව ඒ පිළිබද මහජන උපයෝගීතා කොමිසම විසින් නිළ නිවේදනයක් සිදුකිරීමට ද නියමිතයි.

විදුලිබල මණ්ඩලය මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් පරිදි මසක පරිභෝජනය ඒකක 40ක් නම්, එම නිවසේ විදුලිබිල රුපියල් 384ක් වනු ඇති. එහෙත් දැනට ඒකක 40ක් සඳහා සමස්ත බිල්පත වූයේ රුපියල් 244යි ශත 95ක් පමණයි.

පවතින මිල යටතේ මාසික පරිභෝජනය ගෘහස්ත ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලි ඒකකයේ මිල රුපියල් 3ක් වූ අතර, යෝජිත සංශෝධන ගාස්තු යටතේ එය රුපියල් 5ක් වනවා. ඒකක 31 සිට 60 දක්වා පවතින ක්‍රමය යටතේ රුපියල් 4යි ශත 70ක ගාස්තුවක් අය කළ අතර නව යෝජනා යටතේ එය රුපියල් 6ක් වනු ඇති.

මෙතෙක් විදුලිබිල සැකසුවේ ඒකක කාණ්ඩ අනුව පිළිවෙලින් ගාස්තු වැඩි වන ආකාරයටයි. ඒකක 120ක් පාරිභෝජනය කරන්නේ නම්, ඒකක බින්දුවේ සිට 30 දක්වා ඒකකයට රුපියල් 3යි. 30 සිට 60 දක්වා ඒකකයකට රුපියල් 4.70යි. 61 සිට 90 දක්වා ඒකකයට රුපියල් 7.50ක් අය කෙරෙනවා. ඒකක 91 සිට 120 දක්වා ඒකකයට අය කෙරෙන්නේ රුපියල් 21ක්.

නව යෝජනා යටතේ ඒකක 120ක් පාරිභෝජනය කරන්නේ නම්, එම පාරිභෝගියා අයත් වන්නේ ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයටයි. ඒ අනුව අය කෙරෙන්නේ එම කාණ්ඩයේ  ඒකකයක මුදල වන රුපියල් 15 බැගින් ඒකක 120ක් පාරිභෝජනය කළ බව සලකමින්.



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More