කහටගහ පතල ඇතුළේ 70 දෙනෙකු උපවාසයේ.

Wednesday, 17 April 2013 - 18:50

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%9A+70+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A.


කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයන් 70 දෙනෙකු අඩි දහසකට අධික පොළොව අභ්‍යන්තරයේ උපවාසයක් අද ආරම්භ කළා. මිනිරන් පතල තුළ මෙම සේවකයන් උපවාසය ආරම්භ කළේ අලූත් අවුරුද්දට ලබාදුන් ප්‍රසාද දීමනා ලබාදීම ඇතුලූ ඉල්ලීම් 5 කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

අද උදෑසන මෙම සේවකයන් පතල තුළට බැස තමන් උපවාසයේ නිරතවන බව දැනුම්දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනගත් පසු කම්කරු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල සහකාර කොමසාරිස්වරයාගේ උපදෙස් මත නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගියා. සාකච්ඡා කිරීම සඳහා සේවකයින් කිහිපදෙනෙකුට පතලෙන් ඉහළට පැමිණෙන ලෙස ඔවුන් ඉල්ලීම් කළත් උපවාසයේ නිරතවූවන්  එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් සඳහන් කර ඇත්තේ ගැටළුව නිරාකරණය කරගැනීමට අවශ්‍යනම් කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපතිවරයා පතල තුළට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළයුතු බවයි.

අප මේ සම්බන්ධයෙන් කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ සභාපති ඞී. කලංසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා තමන් මේ වනවිට එම ස්ථානයට ළඟාවෙමින් සිටින බවයි.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More