නව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 20 වැනිදා සිට. එ.ජා.ප. ය අධිකරණයට යාමේ සූදානමක්.

Thursday, 18 April 2013 - 7:42

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+20+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ විදුලි බිල, නව සංශෝධන විදුලි ගාස්තු යටතේ සකස් කෙරෙන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. විදුලි බිල වැඩිකිරීම සඳහා අවසර ලබාදීමේ ලේඛනයට ඊයේ දිනයේදී තමන් අත්සන් තැබූ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේ.

නව ගාස්තුවලට අනුව ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා රුපියල් 3 ක්ව පැවති විදුලි ඒකකයක මිල, රුපියල් 5 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 4 යි ශත හැත්තෑවේ ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 7 යි ශත 50 ක් ව පැවති ඒකක 61 සිට 90 දක්වා වූ කාණ්ඩයේ මිල ඉහළ දමා ඇත්තේ ඒකකයකට රුපියල් 8 යි ශත 50 ක් දක්වායි. ඒකක 301 සිට 900 දක්වා ඒකකයකට රුපියල් 32 ක් ද එය ඒකක 900 ට වැඩිවන්නේ නම් රුපියල් 34 ක්ද අය කළ යුතු බවටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කර ඇත්තේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කියා සිටියේ විදුලි බිල වැඩිකිරීටම විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිදැයි සොයාබලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

rn

[MP3]s57341[/MP3]



ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10ක් - අවසන් වරට වාර්තා වූ සිව්දෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇතැයි හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 6:09

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඊයේ (01) ඉහළ ගියා.ඊයේ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Tuesday, 02 June 2020 - 6:04

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More