පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්.

Thursday, 18 April 2013 - 12:54

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටවිය යුතු බවට යෝජනාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුවේදී සම්මත කරගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ඊයේ පැවති මෙම සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන්ගේ සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය සහභාගි වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලධර්මයන්ට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුව කියා සිටියේ. ඊට අමතරව මෙම වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු බව ඊයේ පැවති සමුළුවේදී යෝජනාවී තිබෙනවා.
 
මෙම සමුළුවේදී ගත් යෝජනා ලබන ලබන 26 වැනිදා ලන්ඩන් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය සමුළුවේදී සාකච්ඡා කළ යුතු බවට යෝජනාවී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් එම අමාත්‍ය මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුලත්ව තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම නීති සමුළුවේ යෝජනා සම්මත කරගැනීම රාජතාන්ත්‍රික ක්‍රියාවක් නොවන බවයි. මේ නිසා ඒ පිළිබඳ සිය අමාත්‍යාංශයේ වැඩි අවධානයක් යොමු නොවන බවයි විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More