ආණ්ඩුවෙන් කණපිට සරදියෙල් න්‍යායක්. එ ජා පය.

Thursday, 18 April 2013 - 12:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%91+%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BA.

විදුලි ගාස්තු ඉහළ දැමුවද ජල ගාස්තුවෙහි සංශෝධනයක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ජල ඒකකයක් පාරිභෝගිකයින් වෙතලබාදෙන්නේ රුපියල් 30 ක පමණ පාඩුවක් දරමින් බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ. නව විදුලි ගාස්තු  සංශෝධනයත් සමග එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දුන්නා.

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් අමරානන්ද අබේගුණසේකර කියා සිටියේ ජල ගාස්තු ඉහල දැමීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුවී නොමැති බවයි. එහෙත් විදුලි ගාස්තු ඉහල යෑම නිසා ජලය බෙදාහැරීමේදී දැරීමට සිදුවන පිරිවැය ඉහළ යනු ඇතැයි ලේකම්වරයා කියා සිටියා.

මේ අතර බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ විදුලි බිල ඉහළ දැමීමත් සමගම බේකරි නිෂ්පාදනකරුවන්ටද දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි. කෙසේ වෙතත් පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වැඩිකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියා.

කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් පළවුණා. එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව ඇති බවයි. 

[MP3]s57365_1[/MP3]

ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ පිලිබඳව අදහස් දැක්වූයේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වායි.
 
[MP3]s57365_2[/MP3]



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More