විදුලි පාරිභෝගිකයින් 80% කගේ විදුලි බිල 60% කින් ඉහළට.

Thursday, 18 April 2013 - 13:01

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+80%25+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+60%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

මෙවර විදුලිබිල ඉහළ යාමෙන් වැඩිම බලපෑම එල්ලවන්නේ මෙරට විදුලි පරිභෝගිකයන්ගෙන් සියයට 80 ක් නියෝජනය කරන පහළ මධ්‍යම පන්තියට බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ප්‍රකාශ කරනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර පවසන්නේ ඔවුන්ගේ මාසික විදුලිබිල සියයට 60  කින් පමණ ඉහළ යන බවයි. සාමාන්‍යයෙන් පහළ මධ්‍යම පාන්තිකයෙකුගේ මාසික ආදායම රුපියල් 30 000 කට ආසන්නයි.

නිවසේ විදුලි බුබුළු 4 ක්, රූපවාහිනියක්, ශීතකරණයක් සහ විදුලි ස්ත්‍රික්කයක් භාවිත කරන්නේ නම් විදුලි බිල ඉහළ යාම සියයට 59 ක්. එහිදී භාවිත වන විදුලි ඒකක ප්‍රමාණය 90කට ආසන්නයි. මෙතෙක් රුපියල් 730 කට ආසන්න විදුලි බිලක් ගෙවූ එවැනි පවුලක් මින් ඉදිරියට රුපියල් 1161 කට ආසන්න විදුලි බිලක් ගෙවිය යුතු වනවා.

විදුලි බුබුළු 4 ක්, රූපවාහිනියක් සහ විදුලි ස්ත්‍රික්කයක් පමණක් භාවිත කරන පවුලක විදුලිබිල ඉහළ යාම සියයට 47 කට ආසන්නයි. ඔවුන් භාවිත කරන විදුලි ඒකක ප්‍රමාණය 60ක් පමණ වනවා. මෙතෙක් ඔවුන් ගෙවූ රුපියල් 372 කට ආසන්න විදුලි බිල මින් ඉදිරියට රුපියල් 546 ක් පමණ වන බවයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසන්නේ.

විදුලි බුබුළු 4 ක්, රූපවාහිනියක්, ශීතකරණයක්, විදුලි ස්ත්‍රික්කයකට අමතරව විදුලි උදුනක් හෝ විදුලි පංකාවක් භාවිත කරන පවුලක විදුලි බිලේ ඉහළ යාම සියයට 59 කට ආසන්නයි. ඔවුන් මාසිකව භාවිත කරන විදුලි ඒකක සංඛ්‍යාව 180 ක්. එම පවුලක් මෙතෙක් ගෙවූ මාසික විදුලි බිල 1748 කට ආසන්න වුවත් දැන් ඔවුන් රුපියල් 2772 ක් පමණ ගෙවිය යුතු වනවා.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් අතරින් සියයට 92 ක්ම විදුලි ඒකක 180 ට අඩුවෙන් භාවිත කරන්නන්. ඒකක 90 අඩුවෙන් භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 75 ක් වන අතර 60 ට අඩුවෙන් භාවිත කරන්නන් සියයට 50 ක් පමණ සිටිනවා.

විදුලි බිල ගණනය කෙරෙන්නේ භාවිතා කරන ඒකක ගණන, සම්පූර්ණ ඒකක ගණන අයත්වන කාණ්ඩයේ මිලෙන් ගුණ කර ඊට ඉන්ධන ගැලපුම් ගාස්තුව එකතු කිරීමෙන්. ඉන් අනතුරුව මාසික ස්ථාවර ගාස්තුවද ඊට එක් කෙරෙනවා.

ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර කියා සිටියේ මෙවර විදුලිය ගාස්තු ඉහළ දැමීමේ වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ පහළ මධ්‍යම පන්තියට බවයි.

[MP3]s57366_1[/MP3]              

මෙවර විදුලි බිල වැඩි කිරීමේ සුවිශේෂී වෙනස්කම වන්නේ භාවිතා කරන මුළු ඒකක ගණන, එය අයත්වන කාණ්ඩයේ ඒකක අගයෙන් ගුණ කර බිල සකස් කිරීමයි. එය විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශකවරයා මෙසේ පැහැදිළි කළා.

[MP3]s57366_2[/MP3]                

මෙවර ඒකක 90 සිට ඉහළට ඒකකයට අය කරන අගය අඩුවී ඇති බව පෙනුනත් අගය ගණනය කිරීමේ නව ක්‍රමය නිසා විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s57366_3[/MP3]  



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More