විදුලි බිල පිළිගැනීම ජනතාවට භාරයි - රජය.

Thursday, 18 April 2013 - 18:43

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

විදුලි බිල වැඩි කිරීමට රජය ගත් තීරණයෙහි නිරවද්‍යතාවය පිළිබඳ තීන්දු කිරීම ජනතාව සතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය විදුලි බිල ඉහළ නැංවීමට හේතු වූ බවයි.

 

[MP3]s57388_1[/MP3]              

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වැඩි වූ විදුලි බිල ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

 

[MP3]s57388_2[/MP3]      

 

විදුලිබිල ඉහළ නැංවීම සිදුකිරීමට පෙර මහජනතාවගේ ලිඛිත හා වාචික අදහස් ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගත්තා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ මෙම මහජන අදහස් විමසීම ප්‍රෝඩාවක් බවයි.

 

[MP3]s57388_3[/MP3]         

 

විදුලි බිල වැඩි කිරීම තුළින් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

 

[MP3]s57388_4[/MP3]                           

 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාද අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විදුලිබිල ඉහළ නැංවීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිය පක්ෂය සූදානම් බවයි.

 

[MP3]s57388_5[/MP3]                      

 

මේ අතර, මෙවර විදුලිබිල ඉහළ යාමෙන් වැඩිම බලපෑම එල්ලවන්නේ මෙරට විදුලි පරිභෝගිකයන්ගෙන් සියයට 80 ක් නියෝජනය කරන පහළ මධ්‍යම පන්තියට බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ප්‍රකාශ කරනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර පවසන්නේ ඔවුන්ගේ මාසික විදුලිබිල සියයට 60  කින් පමණ ඉහළ යන බවයි.



යුරෝපා සංගමය සහ දකුණු කොරියාව කොරෝනා ඖෂධයක් රැස් කරයි
Saturday, 30 May 2020 - 10:32

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර... Read More

මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More