අනුරාධපුරයේ ළිං ජලයට මැලතීන් මුසුවූයේ කෙසේද?

Friday, 19 April 2013 - 7:19

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F

මිනිස් වකුගඩු සහ අක්මාවට හානි කරන මැලතියන් නැමැති කෘමිනාශකය අනුරාධපුරයේ ළිං ජලයට මුසුවූයේ කෙසේ දැයි යන්න සොයා බැලිය යුතු බව වකුගඩු රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.

 

මිනිස් වකුගඩු සහ අක්මාවට හානි කරන මැලැක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අනුරාධපුර ප්‍රදේශයේ ළිං ජලයේ අන්තර්ගත වී ඇතැයි ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිදුකළ පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා අංශයේ ප්‍රධානී එච්.ඒ.කේ.අමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා යොදාගත් මැලතියන් නැමැති කෘමිනාශකයෙන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම මැලැක්සීන් නැමැති රසායනිකය නිෂ්පාදනය වන බවයි. එය ජලයට මුසු වී ඇතැයි හෙළි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල සිදුකළ පරීක්ෂණවලින්.

 

[MP3]s57408_1[/MP3]
 

එහෙත් වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ මැලතියන් නැමැති කෘමිනාශකය මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ජලයට එක්වු මැලතියන් තුළින් මැලැක්සීන් රසායනික නිෂ්පාදනයවීමේ හැකියාවක් නොමැති බවද ඔහු අවධාරණය කළා. ජලසම්පාදන මණ්ඩලය විසින් සිදුකර ඇති අනාවරණයට අනුව තහනම් කර ඇති මැලතියන් කෘමි නාශකය මේ වනවිටත් මෙරට භාවිත වන්නේද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

 

[MP3]s57408_2[/MP3]

 

 
උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට හේතුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනෙන ආසනික් බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ දේශීය පරීක්ෂණ කණ්ඩායමක් මීට පෙර අනාවරණය කළා. ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක්ද පත්කළ අතර, කරුණු 15 ක් ඇතුළත් නිර්දේශ පසුව එම කමිටුව මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි විෂ රසායනික සහිත පලිබෝධනාශක වර්ග 4 ක් ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේ. එම නිර්දේශ ඇතුළත් අදාළ විද්වත් කමිටු වාර්තාව පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද තීරණය කෙරුණේ එම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන්කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන්කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 16:58

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)ඇමති... Read More

ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More