තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධය මැතිවරණ උපක්‍රමයක්. රෝ හිටපු ප්‍රධානියෙක්.

Friday, 19 April 2013 - 7:33

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%BB%E0%B7%9D+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් උදෙසා සහය දක්වන බව පවසමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ එකිනෙකා අභිබවා කැපී පෙනීමට උත්සාහ කරන බවට ඉන්දීය රහස් ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියෙකු පවසනවා. අසල්වැසි රටවල් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ඉමහත් බලපෑමක් ඇති කළ රෝ සංවිධානයේ හිටපු පර්යේෂණ විශ්ලේෂක ජෝති සිං මේ බව ප්‍රකාශ කළේ  ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමග සාකච්ඡාවකට සහභාගි වෙමින්. සැබවින්ම ඔවුන්ට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ සැබෑ වුවමනාවක් තිබුණේ නම් යුද්ධයේ අවසන් සමයේ එවැනි විරෝධයක් දියත්කළ හැකිව තිබූ බවයි ජෝති සිං පෙන්වා දෙන්නේ. දැන් ඔවුන් එවැනි දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ 2014 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්.

 

 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිවීම පිළිබඳව සිංහල ජනතාව දරණ අදහස ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි රෝ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන ජෝති සිං ප්‍රකාශ කළේ. සිංහල ජනතාව අතුරෙන් සුළු බහුතරයක් හැරුණු කොට බහුතරයක් ඉන්දියාව සමග සමීප ශක්තිමත් සබඳතාවයක් අපේක්ෂා කරනවා. සැබවින්ම ඉන්දීය රජයට ශ්‍රී ලංකාවට එරෙහිවීමට සිදුවූයේද 2014 මහ මැතිවරණය අභියස තමිල්නාඩුවේ සිය සහයක පක්ෂය එක්ව තබාගැනීම සඳහා බවයි ජෝති සිං සඳහන් කළේ.

 
සිංහල සහ දෙමළ ජනතාව අතර එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇතිකරලීමෙන් පමණක් මෙරට අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාගත හැකියි. ඉන්දියාව ශ්‍රීී ලංකාවේ වැඩිමහල් සොහොයුරා ලෙස කටයුතු කිරීමෙන් එවැනි විසඳුමක් කරා ලඟාවීමේ හැකියාවක් නොමැති බව ජෝති සිං තවදුරටත් සඳහන් කළා.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More