ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කළ පිරිස අතර LTTE සාමාජිකයින් 4 ක්.

Friday, 19 April 2013 - 12:41

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+LTTE+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A.

නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටියදී අලූත්ගම ප්‍රදේශයේදී අද අලූයම අත්අඩංගුවට ගත් පුද්ගලයින් 44 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව පොලීසිය පවසනවා.  ඔවුන්ගෙන් හතරදෙනෙකු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බවට හෙළිවී ඇත්තේ ඔවුන් පොලීසියට සිදුකළ පාපොච්චාරණයකදියි. ඒ අතර ආබාධිත පුද්ගලයෙකුද වනවා.

 

වෑන් රථ 3 ක නැගී කළුවාමෝදර වෙරළ දෙසට ගමන් කරමින් සිටියදී අලූත්ගම - කන්දෙවිහාර පොලිස් මුරපොලේ කණ්ඩායමක් විසින් අද අලූයම දෙකට පමණ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කාන්තාවන් පස්දෙනෙකු සහ ළමයින් හතරදෙනෙකුද වනවා.  සැකකරුවන් කිලිනොච්චිය, වවුනියාව, යාපනය සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියා සිටියා.    

 

කෙසේ වෙතත් මෙම පිරිසට අවශ්‍ය ආහාර පාන ලබාදීමට මැදිහත්වුණේ අලූත්ගම - කන්දෙවිහාරයේ වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා පිරිසක්. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන කන්දෙවිහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන්.

 

[MP3]s57429[/MP3]             

 

මේ අතර  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රෙන්ඩන්  ඕ කොනර් අද ප්‍රකාශ කළේ  ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස පැමිණෙන බහුතරයක් සැබෑ සරණාගතයන් නොවන බවයි. පසුගිය සතියේ  ඕස්ට්‍රේලියාවේ ජෙරල්ඞ්ටන් වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු නැවත මෙරටට පිටුවහල් කෙරුණා. මෙම පියවර මගින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ප්‍රබල පණිවිඩයක් ලබාදෙන බවයි  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ, අනතුරුදායක මුහුදු ගමනකින්  ඕස්ට්‍රේලියාවට පැමිණියද ඔවුන්ට එහි පදිංචිවීමේ සහතිකයක් නොමැති බවයි.



අද, දිවයින පුරා ඇදිරි නීතිය
Sunday, 31 May 2020 - 7:08

මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.... Read More

මාලිගාවත්තේ දී වෙඩි පහරට ලක්වූ පුද්ගලයා පාතාල සබඳතා ඇති අයෙකු බව හෙළිවේ
Sunday, 31 May 2020 - 6:50

මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමට... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More