සංහිඳියාව දඬුවම් පැමිණවීම නොවේ. - කොහොන

Friday, 19 April 2013 - 13:05

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1

සංහිඳියාව පිළිබඳ ලක් රජයේ දර්ශනය, වැරදිකරුවන් සොයා දඬුවම් පැමිණවීම නොව සුවපත් කිරීමේ ක්‍රියාවලියක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පවසනවා. ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ආචාර්ය කොහොන කියා සිටියේ ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලියක් පිළිබඳව බාහිරව දැඩි බලපෑමක් එල්ලවන බවයි. එහෙත් මේ ආකාරයේ සමාන සිදුවීම් සමුදායන් සහිත වෙනත් රටවලට ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවී ඇති බව ආචාර්ය කොහොන පෙන්වා දෙනවා.

 

අවසන් වූ යුද්ධයේ සියලූ අංශයන් ආවරණය වන පරිදි දේශීය යාන්ත්‍රණයක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංගණය වූ බවට එල්ලවන චෝදනාද ඊට ඇතුළත්. එහිදී හමුදා නීතිය හෝ අපරාධ නීතිය උල්ලංඝණය වී ඇත්ද යන්න නීතිපති දෙපාර්තමේන්තුව සහ හමුදා පරීක්ෂණ මණ්ඩලයක් මගින් සොයා බැලෙනවා. ශ්‍රී ලංකාව ඒ සඳහා හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ සමාන වාතාවරණයන් ඇති වෙනත් රටවලට පෙරයි. විවිධ ජනවර්ග සහ ආගම් සහිත ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය සංකීර්ණ වන බව පිළිගත යුතුයි. එය කෙටිකාලයක් තුළ නිමා කළ හැක්කක් නොවේ. එහිදී ආගමික සංස්කෘතික හා දේශපාලන සංවේදීතාවන් පිළිබඳවද සළකා බැලිය යුතුයි. සංහිඳියා ක්‍රියාමාර්ගය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින කොටි සංවිධානයේ හිටපු නායකයන් වූ දයා මාස්ටර් හෝ කේ පී සම්බන්ධයෙන් කුමන පියවරක් ගතයුතුදැයි ආචාර්ය පාලිත කොහොන එහිදී ප්‍රශ්න කර සිටියා.



Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More

දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 19:30

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 19:16

කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව... Read More