තවත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 153ක් නත්තල් දිවයිනට.

Saturday, 20 April 2013 - 7:56

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+153%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

නීතිවිරෝධීව  ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් 153 දෙනෙකු නත්තල් දූපත අසළ දී  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2012 ඔක්තෝම්බර් මාසයෙන් පසු එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් විශාලතම නීති විරෝධී සංක්‍රමණික කණ්ඩායම මෙය වන බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම තුළ ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන, පාකිස්තාන සංක්‍රමණිකයන් සිටින බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

 
මේ අතර,  ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධී ලෙස ගමන් කිරීමට සූදානමින් සිටියදී අලූත්ගම - කලූවාමෝදර දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 44 දෙනාගෙන් 35 දෙනෙකු මේ මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඊයේ (19) රාත්‍රියේ ඔවුන් කලූතර වැඩබලන මහේස්ත්‍රාත් වයි.එස්. ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වෑන් රථ 3ක් සමග ඊයේ (19) අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් පිරිස අතර පුනරුත්ථාපනය කර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 4 දෙනෙකු ද සිටින බව වාර්තා වුණා. පිරිස අතර සිටි කාන්තාවන් 5 දෙනා රුපියල් 5000ක ඇප මත මුදා හැර ඇති අතර ළදරුවන් දෙදෙනෙකු මව්වරුන් භාරයට පත් කර තිබෙනවා. තවත් දරුවන් දෙදෙනෙකු ළමා නිවාසයක් වෙත යොමු කරන ලෙසයි කලූතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.



මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1162 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 17:30

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මෙරට 10 වන කොරෝනා මරණය වාර්තාවෙයි - මියගිය කාන්තාව කුවේට් සිටි පැමිණි අයෙක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 17:07

කුවේට් සිට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන... Read More

ඇඳිරි නීතිය මැද නිරෝධායන නීති කඩකර පොලිස් මෙහෙයුම බලන්න ආපු සෙට් එකට අන්තිමට සිදුවූ දේ (ඡායාරූප)
Monday, 25 May 2020 - 16:43

නිරෝධායන නීති කඩකරමින් පොලිස් මෙහෙයුමක් අතරතුර එය නැරඹීමට... Read More