පුල්මුඬේ අඹුසැමි ඝාතනයක්. - කාන්තාවක් සොයා මෙහෙයුම්.

Saturday, 20 April 2013 - 12:44

%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AC%E0%B7%9A+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

පුල්මුඬේ - මහසෙන්පුර මහා විද්‍යාලය ආසන්නයේ නිවසක පදිංචි අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. මියගිය කාන්තාවගේ සිරුර අද උදෑසන නිවසේ තිබී සොයා ගැණුනු අතර පිරිමි පුද්ගලයාගේ මළ සිරුර නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් කැළෑ ප්‍රදේශයක තිබී සොයා ගැණුනා. ඔවුන්ගේ දරුවන් දෙදෙනා මේ වනවිට අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ. මියගිය අඹුසැමි යුවලගේ සැමියා අවුරුදු 39 ක පුද්ගලයෙකු වන අතර බිරිඳ අවුරුදු 36 ක කාන්තාවක්. මෙම ඝාතනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඇය සොයා ගැනීම සඳහා මේ වනවිට විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ වනවිටත් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා ඇති බව පුල්මුඬේ පොලිසිය සඳහන් කළා.    

 

මිහින්තලේ - මහකනරදාව වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක ඉනෙන් පහළ කොටස පොලිසිය විසින් ඊයේ පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. මළ සිරුරේ කොටස පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ කුඩාගම තොටුපලින් ඔරුවක නැගී මසුන් මැරීමට ගිය ධීවරයෙකු විසින්. මළ සිරුර පසුගිය 29 වැනිදා සිට අතුරුදන්ව සිටින මහකනදරාවේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා. දේහය මේ වන විට අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය මෙතෙක් අවසන් කර නැහැ.

 
මේ අතර, කළුතර - කළු ගඟ කළපුවේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද උදෑසන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මැදිවියේ පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ගොඩගැනීමට සූදානම් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු  (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More