ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාවට චෝදනා.

Saturday, 20 April 2013 - 12:52

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ 2012 වසරේ වාර්ෂික වාර්තාව ඊයේ එළිදැක්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී එල්ල වී ඇති නව චෝදනාවක් වන්නේ මෙරට අත්අඩංගුවේදී පුද්ගලයන් විවිධ පීඩාවන්ට ලක්වන බවයි. ඒ සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශවලට චෝදනා එල්ල කිරීම ද විශේෂත්වයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීමේදී මෙවැනි පීඩාවන්ට ලක්වන බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම, මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් එල්.ටී.ටී.ඊ හිතවාදීන් සහ මාධ්‍යවේදීන් විවිධ ප්‍රහාරවලට ලක්වන බව ද එහි සඳහන්. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ද අභියෝගයට ලක්වී ඇති බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම, උගත් පාඩම් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවද  එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ සඳහන්. අදාල වාර්තාව ඊයේ ඉදිරිපත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළේ ලොව පුරා රජයන්ට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රතිපත්තීන් සුරැකීමේ වගකීම පිළිබඳ පැහැදිලි පණිවුඩයක් එමගින් ලබා දෙන බවයි.



මෙරටින් ප්‍රතික්ෂේප වුවද ලොව ප්‍රබලතම හමුදාවට එක්ව සිහිනය ජයගත් ලාංකීය තරුණයා දැන් කියන කතාව (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 11:46

සමාජ මාධ්‍ය ඔස්සේ ලියූ සටහනක් හේතුවෙන් කතාබහට ලක්වූ ,ඇමරිකානු... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි
Wednesday, 03 June 2020 - 11:39

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Wednesday, 03 June 2020 - 11:36

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More