සෞදියේදී රැකියා අහිමිවූවන් කණ්ඩායම් වශයෙන් දිවයිනට.

Saturday, 20 April 2013 - 18:47

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

රැකියා හැඳුනුම්පතේ කාලය අවසන්වීමෙන් රැකියා අහිමි වී සෞදි අරාබියේ ජෙඩා නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ලබන සතියේ සිට කාණ්ඩ වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සඳහන් කළේ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට රජය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර මේ වනවිට එකඟත්වයකට පැමිණ ඇති බවයි.

 

සෞදි අරාබියේ රැකියාව සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට රැකියාවේ නිරත වන කාලය සඳහා වලංගු හැඳුනුම්පතක් ලබාදෙනවා. එහි කාලය අවසන්වීමෙන් පසුව එරට රැඳී සිටීම නීතිවිරෝධී ක්‍රියාවක්. එහෙත් එලෙස කාලය අවසන් වූ 4000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජෙඩා පාලම අසලට රැස්වී පසුගියදා උද්ඝෝෂණවල නිරත වුණේ තමන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස බලකරමින්. එහිදී ඔවුන්ට එරට පොලිසියෙන්ද විවිධ බලපෑම් එල්ල වුණා. මේ වනවිට මෙම පිරිස ජෙඩා නුවර පිහිටි ක්‍රීඩාංගනයක තාවකාලිකව රඳවා සිටිනවා. එලෙස රැඳී සිටින අනුර ප්‍රියන්ත නැමැති ශ්‍රී ලාංකිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඔවුන් මුහුණපාන අත්දැකීම් මෙලෙස විස්තර කළා.

 

[MP3]s57497_1[/MP3]                       

 

මුල් රැකියා ස්ථානයෙන් පිටව ගොස් ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල පුද්ගලයින්ද ජෙඩා නුවර රැදී සිටිනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයින්ට නැවත සිය පළමු සේවා ස්ථාන සඳහා යාමට සෞදි රජය මාස 03 ක සමා කාලයක් ලබාදීමට පියවර ගත්තේ මෙරට නියෝජිතයින් සෞදි රජය සමග සාකච්ජා කිරීමත් සමගයි.

 

මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය.

 
[MP3]s57497_2[/MP3]



ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More