වැව්වේ සුදු හදුන්, වැවුනේ කොකේන්.

Sunday, 21 April 2013 - 7:37

%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සුදු හඳුන් නමින් වගාකර ඇති ඇතැම් ශාක කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොකා ශාක බවට තහවුරු වී තිබෙනවා. ඒ, රුහුණු සරසවියේ කෘෂිකර්ම පීඨය මගින් සිදුකළ පරීක්ෂණයකින් පසුවයි. මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, හක්මන ආදී ප්‍රදේශවල නිවැසියන් ගෙවතු වගාවක් ලෙස මෙම ශාකය වගාකර තිබෙනවා. ඒ, ප්‍රදේශයේ පැල තවාන්වලින් මිලදී ගෙනයි. සුදු හඳුන් ශාකයේ ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති මෙම ශාකය පිළිබඳ පැහැදිලි කරන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු.

[MP3]s57513_1[/MP3]

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සරත් කුමාරසිංහ මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස කරුණු අනාවරණය කළා.
[MP3]s57513_2[/MP3]

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍ය විජය එස්. වීරසිංහගෙන් ද අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ ශාකය ව්‍යාප්ත කිරීමට කවුරුන් හෝ උත්සාහ දරා ඇත්නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

[MP3]s57513_3[/MP3]



වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පරිප්පු සැකසුම් ගබඩාවක... Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි
Tuesday, 26 May 2020 - 12:58

කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම... Read More

කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
Tuesday, 26 May 2020 - 12:52

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් රටවලින් මෙරටට පැමිණි... Read More