සබඳතා දැඩියි. ඉන්දීය මහ කොමසාරිස්.

Sunday, 21 April 2013 - 7:55

%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A.



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුළුල් මෙන්ම නොපෙනෙන දැඩි සබඳතාවයක් පවතින බව   ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා පවසනවා. එය අනාදිමත් කාලයක සිට ශක්තිමත්ව පැවත එන්නක් බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ.          ශ්‍රී ලංකාවේ නාවික නිලධාරීන් 250 දෙනෙකු මේ දිනවල ඉන්දියාවේදී එරට නෞකා 03 ක විශේෂ නාවික පුහුණුවක් ලබනවා. මෙම නාවික පුහුණුවේ උත්සව අවස්ථාවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඊයේ සහභාගී වුණා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සඳහන් කළේ සංස්කෘතික ලක්ෂණ අතින් සුළු වෙනස්කම් තිබුණද දෙරට අතර ශක්තිමත් සබඳතාවයක් පවතින බවයි. දෙරටේ නාවික හමුදාවන් අතරද වඩාත් ශක්තිමත් බැඳීමක් පවතින බවයි නාවික හමුදාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.