අරලගංවිල උල්කාෂ්ම ගැන සෙවීමට නාසා විද්‍යාඥයින් පිරිසක් යළි දිවයිනට.

Monday, 22 April 2013 - 7:47

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දා පොළොන්නරුව - අරලගංවිල - කුඩාවැව වෙල්යායට වැටුණු පාෂාණ කොටස් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සඳහා බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් යළි ඊයේ දිවයිනට පැමිණියා. ඉදිරි දින කිහිපය තුළ නාසා ආයතනයේ තවත් විද්‍යාඥයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේ. ඊට ඇමරිකානු හා ජපන් ජාතික විද්වතුන්  පිරිසක් ඇතුළත්.

 

පසුගිය දෙසැම්බර් මස 28 වන දා පොළොන්නරුව - අරලගංවිල - කුඩාවැව වෙල්යායට පාෂාණ කොටස් කිහිපයක් පතිත වී තිබුණා. මෙම පාෂාණ කොටස් කිහිපය සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විශේෂ පර්යේෂණයක් ආරම්භ කළා. ඉන් අනතුරුවයි බකිංහැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ද මෙම පාෂාණ කොටස් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේ. එහිදී අරලගංවිල පාෂාණ කොටස්වල පොස්ෆරස් නැමැති රසායනිකය සහිත ජීවි විශේෂයක් සිටින බවට අනාවරණ වුණේ. එම ජීවි විශේෂය මෙතෙක් පෘතුවියෙන් සොයා නොගත් පිටසක්වල ජීවි විශේෂයක් බවයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කළේ.

 

මෙම පාෂාණ කොටස් සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීම මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දිවයිනට පැමිණීමේ අරමුණ බවයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියා සිටියේ. එහි තාරක විද්‍යා ගවේෂක නදීක උදයකාන්ත සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මෙම අධ්‍යයනය ආරම්භ කිරීමට නියමිත බවයි.

 
[MP3]s57578[/MP3]



මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 20:35

මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන්... Read More

ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More