ජාඇල පොලිස් සිර මැදිරිය තුළදී සැකකරුවෙකු ගෙළ වැළලා ගනී.

Monday, 22 April 2013 - 7:49

%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ජාඇල - පොලිස් සිර මැදිරිය තුළ දී පුද්ගලයෙකු සිය බඳ පටියෙන් ගෙල වැළලාගෙන සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නිවසකට අයුතු ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජාඇල පොලිස් සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි. මෙම පුද්ගලයා ගෙළ සිර කර ගන්නා අයුරු දුටු රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් වහාම ඔහුව සිර මැදිරියෙන් ඉවතට ගෙන ජාඇල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. එහෙත් රෝහලට රැගෙන යන අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. මිය ගිය පුද්ගලයාගේ දේහය මේ වන විට ජාඇල රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.